Monday, November 2

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නොහොත් Global warming

විසිවන සියවසේ මැද භාගයේ සිට මේ දක්වා  පෘථිවි පෘෂ්ඨයට ඉතාම ආසන්නයේ ඇති වාතයේ සහ මුහුදේ උෂ්නත්වය ඉහළ යාමේ සාමාන්‍ය අගය අප ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම (ගෝලීය තාපනය) ලෙස හන්දුන්වනු ලබනවා. IPCC ( කාලගුණය වෙනස්වීමේ අන්තර්-රාජ්‍ය කමි‍ටුව ) කමි‍ටුව පවසන්නේ මෙම උෂ්නත්වය ඉහල යාම සැලකිය යුතු මට්ටමකට පැමිණ ඇත්තේ විසිවන සියවසේ මැද භාගයේ පමණ සිට බවයි. එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඉන්ධන දහනය, කැලෑ කපීම් වැනි මිනිස් ක්‍රියාකාරකම් හේතුකොටගෙන වායුගෝලයේ පවතින හරිතාගාර වායූන්ගේ සාන්ද්‍රනය ඉහළ යාමයි.  පසුගිය ශතවර්ශය පුරාවට (1900 - 2000) ගෝලීය උෂ්ණත්වය 0.74 ± 0.18 °C (1.33 ± 0.32 °F) කින් ඉහළ ගොස් ඇත.එම කමි‍ටුව තවදුරටත් පවසන්නේ කාර්මික විප්ලවයට පෙර යුගයේ සිට 1950 දක්වා කාලය තුල සූර්ය විකිරණ සහ ගිනි කදු මගින් යම් පමණක උෂ්නත්වය ඉහළ යාමක් සිදුවී ඇති බවයි.මෙම සියලුම නිගමනයන් ප්‍රකාශ කොට ඇත්තේ ලෝකයේ 40 කට වඩා වැඩි  විද්‍යා සංගම් සහ කාර්මික රටවල ශාස්ත්‍රිය විද්‍ය පීඨ විසිනි.

කාලගුණික මොඩලයන්ට අනුකූලව නවතම IPCC දත්ත වාර්තා සදහන් කරන්නේ 21 වන ශතවර්ශය තුල ගෝලීය උෂ්ණත්වය 1.1 සිට 6.4 °C (2.0 සිට11.5 °F)  කින් ඉහළ යාමක් බොහෝ දුරට බලාපොරොත්තු විය හැකි  බවයි. අනාගතය තුල පිටකරන හරිතාගාර වායුන්ගේ ප්‍රමාණය ඒ සදහා බලපාන බව ඔවුන්ගේ මතයයි. එවගේම මෙම උෂ්නත්ව වෙනස්වීම් ලෝකයේ කලාපයෙන් කලාපයට වෙනස් වේ. කෙසේ නමුත් හරිතාගර වායූන් මුදාහැරීම නැවැත්වූවත් මුහුදේ පවතින විශාල තාප ධාරිතාගුණයත්, කාබන් ඩයිඔක්සයිඩ්(CO2)  වල දිගුකල් පවැත්මේ ගුණයත් හේතුකොටගෙන 2100 න් පසුවත් උෂ්නත්වය වැඩිවීම බලාපොරොත්තු වියහැක.

මෙම ගෝලීය උණුසුම ඉහළයාම නිසා විවිධ අහිතකර බලපෑම් ඇතිවන අතර,

- මුහුදු මට්ටම ඉහළයැම
- ග්ලැසියර දියවීම
- කාලගුණ විපර්යාස සිදුවීම
- කෘෂිකර්මාන්තය අඩාල වීම

වැනි දෑ ප්‍රධාන තැනක් ගනී. එබැවින් මෙය අවමකරගැනීම සදහා ගතයුතු ක්‍රියාමාර්ග සොයාබැලීම සදහා දේශපාලනිකව සහ පොදු විවාද පවතින අතර දැනට හදුනාගත්  ක්‍රියාමාර්ග අතර, 

- හරිතාගාර වායූන් තවදුරටත් පිටවීම අවම කිරීම
- භූ ඉන්ජිනේරු තාක්ෂණය තුලින් ප්‍රතිවර්තනය

යන ක්‍රියාමාර්ග වැදගත් තැනක් ගනී. බොහෝ රජ්‍යයන් දැනටමත් හරිතාගාර වායූන් තවදුරටත් පිටවීම අවම කිරීමේ Kyoto කෙ‍ටුම්පතට අත්සන් තබා ඇත. ඒ අතර ශ්‍රි ලංකාවත් සිටීම උදෙක්ම සන‍තෝෂයට කරුණක් බව  දැන්වීමට කැමැත්තෙමි.
එදිනෙදා රාජකාරි සදහා තමන්ගේ  වාහනයක් භාවිත නොකොට  කන්කෙදිරි ගාමින් හෝ බස් වල ගමන් කරන ජනතාවට සතු‍ටුවියහැකි කාරණයක් ඉතිරිවී  ඇති බවද මේ සමග මතක් කිරීමට කැමැත්තෙමි. 

සොභා සොදුරු සිරි මෙලොවේ ‍රැකගැනීම යුතුකම වේ !

ප්‍රේමයේ නවාතැන...

වසන්තය සොයායන - ජීවිතය අතරමග   සිත ඇදුනි නොදැනීම - සුසිනිඳු කුසුමකට   නෙතට නෙත මුණගැසුනි - හද ආදරෙන් පිරිණි   පෙර පිනට හමුවුනිද - ස...