Saturday, January 22

පරිගණකය ආශ්‍රයෙන් ගිටාරය සුසර කරගන්න පහසු ක්‍රමයක්

මීට අවුරුදු කිහිපයකට ඉහත ගිටාරයක් මිලදීගෙන වාදනය කිරීම පුහුණු කලත්, එය සුසර කරගැනීමේ ක්‍රම ගැන එතරම් අවධානයක් යොමු කලේ නැහැ. නමුත් පසුව එහි හඬ දුර්වල වුණු නිසා, මට ඒ ගැන හොයන්න සිදුවුනා. ඉතින් අවසානයේදි පරිගණකය භාවිතයෙන් පහසුවෙන් සුසර කරගන්න විදියක් සොයාගන්න පුළුවන් වුණා. ඉතින් ඒ ගැන ඔයාල සමඟ බෙදාගන්න ඕන කියල හිතුන.
මූලිකවම ගිටාරයක් සුසර කරගන්න විදි කිහිපයක්ම තියෙනව. ඒ අතරින් පහත ක්‍රම ඉතා වැදගත් තැනක් ගන්නව.

1. ඕගනයක්/පියානෝවක් භාවිතයෙන් සුසර කිරීම.
2. ඉලෙක්ට්‍රොනික සුසර කිරීමේ උපකරණයක් භාවිතා කිරීම.
3. සප්තකය ආශ්‍රයෙන් සුසර කිරීම.
4. ප්‍රසංවාදය(Harmonics) ආශ්‍රයෙන් සුසර කිරීම.
5. පරිගණකය ආශ්‍රයෙන් සුසර කිරීම.
6. ජංගම දුරකථනය ආශ්‍රයෙන් සුසර කිරීම

ඉහත සඳහන් ක්‍රම අතරින් 1, 3 සහ 4 කියන ක්‍රම වලින් ගිටාරය සුසර කරගන්න ඔබට හොඳ කණක් අවශ්‍ය වෙනව. ඒ සඳහා හොඳ පුහුණුවීමකුත් ඕනවෙනව. 2 වෙනි ක්‍රමය නම් ටිකක් විතර මිල අධික ක්‍රමයක්. හේතුව ඉලෙක්ට්‍රොනික සුසර කිරීමේ උපකරණයක මිල ටිකක් අධිකවීම.
මම දැන් විස්තර කරන්න යන්නෙ 5 වෙනුවට සඳහන් කරපු ක්‍රමය ගැන. ඔයාලට මේ සඳහා අවශ්‍ය වෙන්නෙ අන්තර්ජාල සැපයුමක්, පරිගණකයක් සහ එයට සම්බන්ධ මයික්‍රෆෝනයක් විතරයි.

1. පළමුව ඔබේ මයික්‍රෆෝනය ක්‍රියාත්මක කරවන්න.
2. මෙම වෙබ් අඩවියට පිවිසෙන්න.
3. දැන් ඔබට එහි ඇති Guirat tuning Java applet එක තිරයේ දිස්වෙයි(Mozilla Firefox/ IE බ්‍රව්සර භාවිතය වඩාත් යෝග්‍යයයි).
3. එහි සඳහන් උපදෙස් මාලාව කියවන්න. දැන් ඔබට එම Applet එකෙහි ක්‍රියාකාරිත්වය වඩාත් පැහැදිලි ඇති.
4. දැන් ඔබේ මයික්‍රෆෝනය ගිටාරයේ එක් එක් තත් ආසන්නයේ තබමින් උපදෙස් මාලාවට අනුව සුසර කරගන්න.

ඔබේ අවශ්‍යතාවයට අනුව එම Applet එකෙහි ඇති කොටස් සීරු මාරු කිරීමෙන් පසු, එහි දිස්වෙන සම්මත සංඛ්‍යාතය ඔබේ ගිටාරයේ එක් එක් තත නිපදවන සංඛ්‍යතයට සමානවිය යුතුයි. සියලුම තත් සුසර කිරීමෙන් පසු දැන් ඔබේ ගිටාරය නැවතත් වාදනයට සුදුසු අයුරින් සුසර වී ඇති බව ඔබට වැටහේවි. එසේනම් දැන් ඔබේ ප්‍රියතම ගීතය වාදනය කිරීමට සුදුසුම වෙලාවයි!

ප.ලි:
6 වන ක්‍රමය: ජංගම දුරකථන තාක්ෂණයේ පෙරළියක් ඇති කරමින් ඉදිරියට ඇදී යන ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂනණය යොදාගෙන් පහසුවෙන් අපගේ ගිටාරය සුසර කරගැනීමේ මාර්ගයක් පසුව හෝ මෙම ලිපියට එකතු කිරීමට කමැත්තෙමි.ඔබ ඒ සඳහා පහත දැක්වෙන ඇන්ඩ්‍රොයිඩ් මෘදුකංගය ඔබගේ ජංගම දුරකතනයට ඇතුලත් කරගතයුතුය.

gStrings මෘදුකංගය ලබාගැනීමට Android Market වෙත පිවිසෙන්න



අනතුරුව තිරයේ දිස්වන උපදෙස් පිලිපැද ඉතා පහසුවෙන් ඔබගේ ගිටාරයත් සුසරකරගන්න.

Tuesday, January 4

2011: සුභ නව වසරකට ආසිරි...

ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍ය සපිරි සුභ වසරක් වේවා කියල මුලින්ම මම ප්‍රාර්ථනා කරන්න කැමතියි. නව වසරක ආරම්භයත් සමඟ අපිට විවිධ බලාපොරොත්තු සිත් තුලට පහළ වෙනවා. අපේ අරමුණු සාර්ථක කරගන්නනම් අපිට ඒ සඳහා හොඳ සැලසුමක් ඕන වෙනව. ඉතින් ඔබටත් මෙම වසර සාර්ථක කරගන්න ඕන නම් මුලින්ම සියල්ල සැලසුම් කරන්න. ඔබ එම අරමුණු කරා ලඟා වන හැටි පියවරෙන් පියවර සැලසුම් කරන්න. මේ විදියට අවුරුද්ද පුරාවට සැලසුමක් සකස්කිරීමෙන් ඔබට පුළුවන් පහසුවෙන්ම ඔබේ එම අරමුණු ඉ‍ටු කරගන්න. නමුත් සැලසුම් සකස්කිරීමෙන් පමණක් ඔබට ඒ අරමුණු කරා ලඟා වෙන්න බැහැ. එම සැලසුම් නිසි කලට, නිසි අයුරින් ක්‍රියාත්මක කරන්නත් ඔබ වග බලාගතයුතුයි. ඉතින් ඔබ තවමත් මෙම වසර සැකසුම්කරල නැතිනම් පමා නොවී හැකි ඉක්මනින් ඔබේ අරමුණු වලට ගැලපෙන අයුරින් සැලසුමක් සකස් කරගන්න. ඒ සඳහා යම් කාලයක් වැයවුනත් ඔබට එම කාලය අනාගතයට ආයෝජනයක් වනවා නිසැකයි!

පරිගණකය ආශ්‍රයෙන් ගිටාරය සුසර කරගන්න පහසු ක්‍රමයක්

මීට අවුරුදු කිහිපයකට ඉහත ගිටාරයක් මිලදීගෙන වාදනය කිරීම පුහුණු කලත්, එය සුසර කරගැනීමේ ක්‍රම ගැන එතරම් අවධානයක් යොමු කලේ නැහැ. නමුත් පසුව එහි ...