Showing posts with label 2011 සුභ නව වසර. Show all posts
Showing posts with label 2011 සුභ නව වසර. Show all posts

Tuesday, January 4

2011: සුභ නව වසරකට ආසිරි...

ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍ය සපිරි සුභ වසරක් වේවා කියල මුලින්ම මම ප්‍රාර්ථනා කරන්න කැමතියි. නව වසරක ආරම්භයත් සමඟ අපිට විවිධ බලාපොරොත්තු සිත් තුලට පහළ වෙනවා. අපේ අරමුණු සාර්ථක කරගන්නනම් අපිට ඒ සඳහා හොඳ සැලසුමක් ඕන වෙනව. ඉතින් ඔබටත් මෙම වසර සාර්ථක කරගන්න ඕන නම් මුලින්ම සියල්ල සැලසුම් කරන්න. ඔබ එම අරමුණු කරා ලඟා වන හැටි පියවරෙන් පියවර සැලසුම් කරන්න. මේ විදියට අවුරුද්ද පුරාවට සැලසුමක් සකස්කිරීමෙන් ඔබට පුළුවන් පහසුවෙන්ම ඔබේ එම අරමුණු ඉ‍ටු කරගන්න. නමුත් සැලසුම් සකස්කිරීමෙන් පමණක් ඔබට ඒ අරමුණු කරා ලඟා වෙන්න බැහැ. එම සැලසුම් නිසි කලට, නිසි අයුරින් ක්‍රියාත්මක කරන්නත් ඔබ වග බලාගතයුතුයි. ඉතින් ඔබ තවමත් මෙම වසර සැකසුම්කරල නැතිනම් පමා නොවී හැකි ඉක්මනින් ඔබේ අරමුණු වලට ගැලපෙන අයුරින් සැලසුමක් සකස් කරගන්න. ඒ සඳහා යම් කාලයක් වැයවුනත් ඔබට එම කාලය අනාගතයට ආයෝජනයක් වනවා නිසැකයි!

පරිගණකය ආශ්‍රයෙන් ගිටාරය සුසර කරගන්න පහසු ක්‍රමයක්

මීට අවුරුදු කිහිපයකට ඉහත ගිටාරයක් මිලදීගෙන වාදනය කිරීම පුහුණු කලත්, එය සුසර කරගැනීමේ ක්‍රම ගැන එතරම් අවධානයක් යොමු කලේ නැහැ. නමුත් පසුව එහි ...