Saturday, January 22

පරිගණකය ආශ්‍රයෙන් ගිටාරය සුසර කරගන්න පහසු ක්‍රමයක්

මීට අවුරුදු කිහිපයකට ඉහත ගිටාරයක් මිලදීගෙන වාදනය කිරීම පුහුණු කලත්, එය සුසර කරගැනීමේ ක්‍රම ගැන එතරම් අවධානයක් යොමු කලේ නැහැ. නමුත් පසුව එහි හඬ දුර්වල වුණු නිසා, මට ඒ ගැන හොයන්න සිදුවුනා. ඉතින් අවසානයේදි පරිගණකය භාවිතයෙන් පහසුවෙන් සුසර කරගන්න විදියක් සොයාගන්න පුළුවන් වුණා. ඉතින් ඒ ගැන ඔයාල සමඟ බෙදාගන්න ඕන කියල හිතුන.
මූලිකවම ගිටාරයක් සුසර කරගන්න විදි කිහිපයක්ම තියෙනව. ඒ අතරින් පහත ක්‍රම ඉතා වැදගත් තැනක් ගන්නව.

1. ඕගනයක්/පියානෝවක් භාවිතයෙන් සුසර කිරීම.
2. ඉලෙක්ට්‍රොනික සුසර කිරීමේ උපකරණයක් භාවිතා කිරීම.
3. සප්තකය ආශ්‍රයෙන් සුසර කිරීම.
4. ප්‍රසංවාදය(Harmonics) ආශ්‍රයෙන් සුසර කිරීම.
5. පරිගණකය ආශ්‍රයෙන් සුසර කිරීම.
6. ජංගම දුරකථනය ආශ්‍රයෙන් සුසර කිරීම

ඉහත සඳහන් ක්‍රම අතරින් 1, 3 සහ 4 කියන ක්‍රම වලින් ගිටාරය සුසර කරගන්න ඔබට හොඳ කණක් අවශ්‍ය වෙනව. ඒ සඳහා හොඳ පුහුණුවීමකුත් ඕනවෙනව. 2 වෙනි ක්‍රමය නම් ටිකක් විතර මිල අධික ක්‍රමයක්. හේතුව ඉලෙක්ට්‍රොනික සුසර කිරීමේ උපකරණයක මිල ටිකක් අධිකවීම.
මම දැන් විස්තර කරන්න යන්නෙ 5 වෙනුවට සඳහන් කරපු ක්‍රමය ගැන. ඔයාලට මේ සඳහා අවශ්‍ය වෙන්නෙ අන්තර්ජාල සැපයුමක්, පරිගණකයක් සහ එයට සම්බන්ධ මයික්‍රෆෝනයක් විතරයි.

1. පළමුව ඔබේ මයික්‍රෆෝනය ක්‍රියාත්මක කරවන්න.
2. මෙම වෙබ් අඩවියට පිවිසෙන්න.
3. දැන් ඔබට එහි ඇති Guirat tuning Java applet එක තිරයේ දිස්වෙයි(Mozilla Firefox/ IE බ්‍රව්සර භාවිතය වඩාත් යෝග්‍යයයි).
3. එහි සඳහන් උපදෙස් මාලාව කියවන්න. දැන් ඔබට එම Applet එකෙහි ක්‍රියාකාරිත්වය වඩාත් පැහැදිලි ඇති.
4. දැන් ඔබේ මයික්‍රෆෝනය ගිටාරයේ එක් එක් තත් ආසන්නයේ තබමින් උපදෙස් මාලාවට අනුව සුසර කරගන්න.

ඔබේ අවශ්‍යතාවයට අනුව එම Applet එකෙහි ඇති කොටස් සීරු මාරු කිරීමෙන් පසු, එහි දිස්වෙන සම්මත සංඛ්‍යාතය ඔබේ ගිටාරයේ එක් එක් තත නිපදවන සංඛ්‍යතයට සමානවිය යුතුයි. සියලුම තත් සුසර කිරීමෙන් පසු දැන් ඔබේ ගිටාරය නැවතත් වාදනයට සුදුසු අයුරින් සුසර වී ඇති බව ඔබට වැටහේවි. එසේනම් දැන් ඔබේ ප්‍රියතම ගීතය වාදනය කිරීමට සුදුසුම වෙලාවයි!

ප.ලි:
6 වන ක්‍රමය: ජංගම දුරකථන තාක්ෂණයේ පෙරළියක් ඇති කරමින් ඉදිරියට ඇදී යන ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂනණය යොදාගෙන් පහසුවෙන් අපගේ ගිටාරය සුසර කරගැනීමේ මාර්ගයක් පසුව හෝ මෙම ලිපියට එකතු කිරීමට කමැත්තෙමි.ඔබ ඒ සඳහා පහත දැක්වෙන ඇන්ඩ්‍රොයිඩ් මෘදුකංගය ඔබගේ ජංගම දුරකතනයට ඇතුලත් කරගතයුතුය.

gStrings මෘදුකංගය ලබාගැනීමට Android Market වෙත පිවිසෙන්න



අනතුරුව තිරයේ දිස්වන උපදෙස් පිලිපැද ඉතා පහසුවෙන් ඔබගේ ගිටාරයත් සුසරකරගන්න.

Tuesday, January 4

2011: සුභ නව වසරකට ආසිරි...

ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍ය සපිරි සුභ වසරක් වේවා කියල මුලින්ම මම ප්‍රාර්ථනා කරන්න කැමතියි. නව වසරක ආරම්භයත් සමඟ අපිට විවිධ බලාපොරොත්තු සිත් තුලට පහළ වෙනවා. අපේ අරමුණු සාර්ථක කරගන්නනම් අපිට ඒ සඳහා හොඳ සැලසුමක් ඕන වෙනව. ඉතින් ඔබටත් මෙම වසර සාර්ථක කරගන්න ඕන නම් මුලින්ම සියල්ල සැලසුම් කරන්න. ඔබ එම අරමුණු කරා ලඟා වන හැටි පියවරෙන් පියවර සැලසුම් කරන්න. මේ විදියට අවුරුද්ද පුරාවට සැලසුමක් සකස්කිරීමෙන් ඔබට පුළුවන් පහසුවෙන්ම ඔබේ එම අරමුණු ඉ‍ටු කරගන්න. නමුත් සැලසුම් සකස්කිරීමෙන් පමණක් ඔබට ඒ අරමුණු කරා ලඟා වෙන්න බැහැ. එම සැලසුම් නිසි කලට, නිසි අයුරින් ක්‍රියාත්මක කරන්නත් ඔබ වග බලාගතයුතුයි. ඉතින් ඔබ තවමත් මෙම වසර සැකසුම්කරල නැතිනම් පමා නොවී හැකි ඉක්මනින් ඔබේ අරමුණු වලට ගැලපෙන අයුරින් සැලසුමක් සකස් කරගන්න. ඒ සඳහා යම් කාලයක් වැයවුනත් ඔබට එම කාලය අනාගතයට ආයෝජනයක් වනවා නිසැකයි!

Wednesday, December 29

ෆොටෝෂොප් වලින් වෙබ් අඩවියක සැකැස්මක්(web layout) නිර්මාණය කරමු

වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේදී අපට පියවර කීපයක් අනුගමනය කරන්න සිදුවෙනවා. එහි පළමු පියවර තමයි ඒ සඳහා සුදුසු සැකැස්මක් තනාගැනීම. එනම් වෙබ් අඩවිය එහි පරිශීලකයාට දිස්වන මූලික ස්වරූපය(web layout) නිර්මාණය කිරීම. මේ සඳහා අපට විවිධ ක්‍රම භාවිතා කරන්න පුළුවන්. ඒ සඳහා අපට ෆොටෝෂොප්, ඩ්‍රේම් වීවර්, ෆයර් වර්ක්ස් වැනි මෘදුකංග යොදාගන්න පුළුවන්. ඒ අතරින් බහුලව භාවිතා වන මෘදුකංගයක් තමයි ෆොටෝෂොප්. මෙහිදී අපි පළමුව වෙබ් පි‍ටුවේ සැකැස්ම ෆොටෝෂොප් ආධාරයෙන් පින්තූරයක් ආකරයට නිර්මාණය කරගෙන පසුව එය සාමාන්‍ය HTML/CSS වෙබ් පි‍ටුවකට පරිවර්ථනය කරගන්නව. අපි දැන් බලමු ෆොටෝෂොප් භාවිතාකරල කොහොමද මේ නිර්මාණ කාර්යය කරගන්නෙ කියල.
මේ සඳහාම සකස්කරපු ඉතා අගනා පාඩමක් ඔබට මෙන්න මේ ලින්ක් එක හරහා ගිහින් දැකගන්න පුළුවන්. මුල සිට පියවරෙන් පියවර තිර පින්තූර(screen shots) සහිතව මේ වැඩේ කරගන්න හැටි එම පාඩමේ අඩංගුවෙනව. මේ සැකැස්ම හදලා තියෙන්නෙ themeforest.net වෙබ් අඩවිය විසින් පලකරපු වෙබ් පි‍ටුවක සැකැස්මකට අනුකූලව. එහි විස්තර ඔබට මෙන්න මේ ලින්ක් එක හරහා ගිහින් බලාගන්න පුළුවන්.

මේ තමයි එම පාඩම අවසානයේදී ඔබට නිර්මාණය කරගතහැකි සැකැස්ම.

මෙම සැකැස්මට අදාල සියලුම පි‍ටු වල දර්ශන ඔබට මෙතනින් බලාගන්න පුළුවන්.

මෙම නිර්මාණයට අයත් ෆොටෝෂොප් ගොනුව එම පාඩමේ පළ නොකලත්, මා විසින් නිර්මාණය කල ගොනුව ඔබට මෙතනින් බාගතකරගන්න පුළුවන්. මා ඉහත සඳහන් කල ආකාරයට මෙම ගොනුව(psd) පසුව අපට සාමාන්‍ය HTML/CSS වෙබ් පි‍ටුවක පරිවර්ථනය කරගැනීමේ හැකියාව තියෙනව. ඒ සඳහා ඔබට යම් මට්ටමක HTML/CSS දැනුමක් අවශ්‍ය වෙනව. ඒ සඳහා ඔබට වඩිදුර තොරතුරු ඒ වෙනුවෙන් සැකසුනු cssslicingguide.com වැනි වෙබ් අඩවි වලින් දැනගන්න පුළුවන්. ඒ පිළිබඳ ලිපියක් වෙලාව තිබෙන ආකාරයට පළකරන්න බලාපොරොත්තු වෙනව. තවත් ලිපියකින් නැවත හමුවෙන තුරු ඔබ සැමට ආයුබෝවන්.

Tuesday, December 28

ELf (2003) | නත්තල් සීයගෙ ගෝලය... [සිංහල උපසි‍රැසි සහිතව]

අද දෙන්නෙ නත්තල වෙනුවෙන් හදපු සුපිරි චිත්රදපටියක්. මේක පවුලේ සැමට හොඳට හිනාවෙවී බලන්න පුළුවන් ලස්සන කථාවක්. අපේ පුංචි නංගිල මල්ලිලටත් නිවාඩු කාලෙදි බලන්න කියාපු චිත්ර පටියක්.

අපේ කථාවෙ කථා නායකය වෙන්නෙ "බඩී"( Will Ferrell) කියන අපූරු චරිතය. එයා අනාථ නිවාසයක තමයි පුංචි කාලෙ ඉන්නෙ. නමුත් එක නත්තලකදි නත්තල් සීය තෑගි අරං අනාථ නිවාසයට ආපු වෙලාවෙ පුංචි බඩී නත්තල් සීයගෙ මල්ලට රිංගනව සෙල්ලමට. නමුත් නත්තල් සීය ඒ බවක් දන්නෙ නැහැ. උත්තර-ධ්රැ්වයට ඇවිල්ල තමන්ගෙ ගෝලයොත් එක්ක ඉන්නකොට තමයි දැනගන්නෙ මේ පුංචි බබා මල්ල ඇතුලෙ ඉඳල කියල. එතන ඉඳල බඩී හැදෙන්නෙ වැඩෙන්නෙ එහෙ පරිසරයට අනුව. ඔහුව එහෙදි හදාගන්නෙ 'පප්ප' කියන තවත් මහළු නත්තල් සීයගෙ ගෝලයෙක්. නමුත් කොහොමෙන් කොහොමහරි බඩී ඔහු මෙහෙට අයිති නැති බව තේරුම් ගත්තට පස්සෙ, ඔහු ඔහුගෙ සැබෑ පියා වන වෝල්ටර් හොබ්ස් හොයාගෙන නිව්යෝර්ක් නගරයට එනව. නමුත් ඔහුගේ සැබෑ පියා තමාට මෙහෙම පුතෙක් ඉන්න බවක් ගැන දන්නෙ නැහැ. ඉතින් ඔහු තාත්ත හොයා ගන්න පුදුම කට්ටක් තමයි කන්නෙ. ඒ වගේම බඩී කවදාවත් මීට කලින් මිනිස්සු ජීවත් වෙච්ච පරිසරයක ඉඳල නැති හින්ද හරි හරි වැඩ තමයි ඔහුට එහෙදි සිද්ද වෙන්නෙ. බඩී තමන් ආපු කාරණේ ඉෂ්ඨකරගෙන නත්තලේ සැබෑ අරුත මිනිස්සුන්ට ඒත්තුගන්වන හැටි දැකගන්න හැමෝම මේක බාගෙන බලන්න.

මෙහි ප්රනධාන නළුව හැටියට රඟපාන්නෙ The Other Guys, Land of the Lost, Step Brothers චිත්ර පටිවල ප්රිධාන විකට චරිත රඟපාපු අපි කවුරුත් දන්න Will Ferrell. හැමෝම මේක රසවිඳීවි කියල බලාපොරොත්තු වෙනව. සැමට සුභ නත්තලක්!

බාගත කරගන්න මෙතන කොටන්න...

Sunday, December 26

රට හදන්න සමාජ ප්‍රාග්ධනය(උපුටාගැනීම ලංකාදීප පුවත්පත)


අන්තර්ජාලයේ බොහෝ විට කරක් ගැහුවත් ලිපියක් ලියන්න හිතෙන්නෙ එහෙමත් වෙලාවක තමයි. ඔන්න ඉතින් එහෙම හිත හිත ඉන්නකොට සති අන්ත පත්තරේක දැකපු ලිපියක් මගෙ හිතට අල්ලල ගියා නොවැ. මේ ගැන මම ලියනවට වැඩිය තිබුණු ආකරයෙන්ම ඉදිරිපත් කලොත් හොඳයි කියල හිතුන. මෙම ලිපියේ අන්තර්ගතය ගැන සරලව කිව්වොත් දියුණුවෙමින් පවතින තාක්ෂණ ලෝකය තුල අපේ තරුණ තරුණයින් දැන් වැඩිපුර ගැවසෙන ස්ථානය තමයි අන්තර්ජාලය(internet). ඒ අතරින් සමාජ වෙබ් අඩවි(social networks) ඉතා වැදගත් කමක් ගන්නව. ඉතින් අපේ සමාජය තුල හුඟක් දෙනා මේ අන්තර්ජාලයෙන් නියම ප්‍රයෝජන නොගන්නා බව සහ අපි කොහොමද මේ සමාජ සම්බන්ධතා ප්‍රාග්ධනයක් හැටියට පත්කරගන්නෙ කියන කාරණා මේ ලිපියෙන් ඉතා අගේට සාකච්ඡාවට බඳුන්කරනව. ඉතින් වෙලාව තියෙන හැටියට පොඩ්ඩක් මේ ලිපිය කියවල බලන්න. ඒ කාලය අපතෙ නම් යන්නෙ නැහැ. 100% ඒ ගැන මට විශ්වාසයි.


මෙන්න මෙතනින් විකිපීඩියාවෙ මේ පිළිබඳ අර්ථදැක්වීම ඔයාලට වැඩිදුරටත් බලාගන්න පුළුවන්.

ඉහත පුවත්පත් ලිපියේ සියලුම අයිතිය කතෘ සතුය. උපුටාගැනීම ලංකාදීප පුවත්පත.

Wednesday, September 22

Robin Hood (2010) | බැටළුවන් සිංහයන් වනතුරු යළි යළිත් නැගීසිටින්න! [සිංහල උපසිරැසි සහිතව]

කථාව ආරම්භ වෙන්නෙ 12 වන සියවසේ අග භාගයේදි විතර එංගලන්තෙ පළවෙනි රිචඩ් රජතුමා(ලයන් හාට්) මුස්ලිම්වරුන්ට එරෙහිව කුරුස යුද්ධය දියත් කරල තිබෙන අවස්ථාවක. රොබින් ලොන්ග්ස්ට්රරයිඩ් කියන්නෙ රිචඩ් රජතුමාගෙ හමුදාවෙ හිටිය ඉතා දක්ෂ දුනුවායෙක්. නමුත් අනපේක්ෂිත සිදුවීම් මාලාවකින් පසුව ඔහුට සිදුවනව යුධ බිමේදී මිය යන රිචඩ් රජුගෙ ඔ‍ටුන්න නැවත එංගලන්තය බලා ‍රැගෙනවිත් රජ බිසවට බාරදෙන්න. එවගේම ඔහුට සිදුවනව මිය යන පුද්ගලයෙකුගෙ අවසාන කැමත්තකුත් ඉ‍ටු කරන්න. මෙතැන ඉඳල රොබින් ලොන්ග්ස්ට්ර යිඩ්ගෙ ඉරණම තීරණය වන කථාව ආරම්භ වෙනව. ඒ අතරෙ රට තුල කුමන්ත්රනණයකුත් සිදුවෙනව. රොබින්ට අර මියයන පුද්ගලයගෙ අවසාන කැමැත්ත ඉ‍ටු කරන්න පුළුවන් වෙයිද? මැරියන් නගා රොබින් අයියට බහ දේවිද? අවසානයේ රොබින්ට පාවදෙන්නන්ගෙන් සහ ප්රං ශ හමුදාවෙන් එංගලන්තය බේරගන්න පුළුවන් වෙයිද? මේවට උත්තර හොයන්න ඉතින් බාගෙනම බලමු නේද?

චිත්රවපටියේ ප්ර්ධාන චරිත දෙකට (රොබින්හුඩ් සහ මැරියන්) පණ පොවන්නෙ අපි දන්න කියන ප්රාසිද්ධ නළු නිළි යුවලක්. ඒ තමයි ඔස්කාර් සම්මානලාභීන් වන Russell Crowe සහ Cate Blanchett. චිත්රදපටිය අධ්යික්ෂණය කරල තියෙන්නෙ Gladiator, American Gangster, Body of Lies වගේ චිත්රහපටි ධ්යnක්ෂණය කරපු රිඩ්ලි ස්කොට්. ච්ත්රaපටිය බලපුවාම නම් තේරුණෙ දෙවැනි කොටසක් එන්න ඉඩ තියෙයිදෝ කියල.

මෙන්න ටොරන්ට් ලින්ක්ස්:
1.4GB කොපිය
548MB කොපිය

වැඩි විස්තර සඳහා පිවිසෙන්න

Monday, June 28

බෞද්ධ දින දර්ශනයේ වත ගොත

බෞද්ධ දින දර්ශනය සහ ඉපැරණි දින ක්‍රම පිළිබද විස්තරාත්මක ලිපියක් බලපොරොත්තුවන්න.

පරිගණකය ආශ්‍රයෙන් ගිටාරය සුසර කරගන්න පහසු ක්‍රමයක්

මීට අවුරුදු කිහිපයකට ඉහත ගිටාරයක් මිලදීගෙන වාදනය කිරීම පුහුණු කලත්, එය සුසර කරගැනීමේ ක්‍රම ගැන එතරම් අවධානයක් යොමු කලේ නැහැ. නමුත් පසුව එහි ...