Showing posts with label යුද්ධය. Show all posts
Showing posts with label යුද්ධය. Show all posts

Sunday, December 6

පාට කන්ණාඩි ගැලවීමට කාලයයි මේ !

ඊනියා කොටි ත්‍රස්තවාදය මවුබිමෙන් අතුගාදමා සය මසකුත් ඉක්මවා ගොස් ඇත. සාමයේ අරුණලු රට පුරා පැතිරෙමින්පවතින අතර උතුරේ අවතැන් වූ ජනයා දිනෙන් දින තම උපන් ගම් බිම් කරා නිදහසේ යලි පියමන් කරන්නේ තිස් අවුරුද්දක් පුරා තමන් බැට කෑ ත්‍රස්තවාදයට සාප කරමින් බව ඉතාමත් පැහදිලිය. නිදහස සිත් සේ විදිමට දැන් ඔවුන්ට මෙන්ම අපටත් අවස්තාව උදා වී ඇති අතර තමන්ගේ දුවා දරුවන්ට හොද කල දවසක් යන බවට ඇති විශ්වාසය සිත් තුලට කා වැදෙන්නට පටන්ගෙන ඇත. මේ සියලු දෑ පිටිපස සිටින ඒ අභීත රණවිරුවන්, සෙන්පතියන්, රට වැසියා එලොව හෝ මෙලොව සිට දැන් ඒ පිළිබද සන්‍තෝශ වනවා නිසැකය. දිනූ දේශය සංවර්ධනයේ හිනිපෙත්තකරා ගෙන යාම සදහා දැන් අපට කාලය උදාවී ඇති අතර ඒ සදහා සැවොම පක්ෂ, පාට භේද අතහැර අත්වැල් බැද ගත යුතුව ඇත. ත්‍රස්තවාදය තුරන් කොට ඉන් පසු දිනම අපට රටේ සංවර්ධනය දැකිය නොහැක. ඒ සදහාද යම් කිසි කාලයක් වැය කලයුතුව ඇත. දෙවන ලෝක යුද්ධය අවසන්වී ඊට පසු දිනම ජපානය සංවර්ධනය නොවීය. ජපානයටද ඒ සදහා යම් කාලයක් ගතවිය. නමුත් අපේ ඇතැම් පණ්ඩිතයින් යුද්ධය අවසන් වූවත් රට තවම සංවර්ධනය වී නැතැයි කියමින් දෙස් දෙවොල් තියති. අප ඔවුන් ගැන මහත්සේ කලබල වියයුතු නැත. මක්නිසාද යත් ඉතිහාසය තුල එවැනි පුද්ගලයන් අපට ඔනෑ තරම්හමු වී ඇති අතර ඔවුන් රට වෙනුවෙන් කල දෙයක් නොමැත.

2005 වසරේ සිට මේ දක්වා කාලය දෙස අප මදක් හැරී බැලුවහොත්, රට ලබා ඇති ජයග්‍රහණ රාශියක් ඇත. නව සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් සිදුකෙරෙමින් පවතියි. ලෝක ආර්ථිකය කොතෙක් දුරට කඩා වැ‍ටුනද අපේ අර්ථිකය යම් කිසි ස්ථාවර මට්ටමකට පවත්වාගැනීමට අපට හැකිවී ඇත. අපගේ කෘෂිකර්මාන්තය ඉහළ මට්ටමකට පැමිණ ඇති අතර ගොවියන්ගේ අපේක්ෂා ඉතාමත් සාර්ථකව මල් ඵල නැං වී ඇත. මෙකී නොකී සියලු දෑ සිදුවූයේ කුරිරු ත්‍රස්ත පිළිලය මෙරටින් අතුගා දමන අතරතුර බව වෙසෙසින්ම මතක් කල දිය යුතුව ඇත. ඇතැමුන් අද කොතෙක් කැ මොර දුන්නද සිව් අවුරුද්දක් තුල සිදු කල දෑ බොහෝ ඇත.

එළාර පරාජය කිරීමට දු‍ටුගැමුණු රජුට හැකි වූයේ නිවැරදි නායකත්වයත් අභීත රණ ශූරයනුත් නිසා බව අප කවුරුත් දන්නා සත්‍යයකි. නමුත් එම සටනින් පසු දසමහ යෝධයින් ජයග්‍රහණයේ තමාගේ පංගුව ඉල්ලා රජුට එරෙහි වූයේ නැත. පැහදිලිවම ඔවුන් එහි කොටස් කරුවන් වූවද ඔවුන් එහි පංගුව ඉල්ලා නහයෙන් ඇඩුවේ නැත. තමන් පොර වන්නට සිතුවේද නැත. 'පොර' මානසිකත්වය ඉහට ගැහූ කල කන්න දීපු අතද හපා කයි. බුද්ධිමත් පුද්ගලයින් එසේ හසිරෙනේ නැත. එබැවින් අනවශ්‍ය ලෙස ඔවුන් විවේචනය කිරීමද කාලය කා දැමීමක් පමණි.

මේ රටේ ඇතැම් ජනයා විවිධ පාටින් කන්ණාඩි පැළදගෙන ප්‍රශ්න දෙස බලති. නමුත් ඔවුන්ට නොදැනීම ඔවුන්ගේ නායකයින් දැන් කන්ණාඩි කුඩු කරගෙන ඇත. තව දුරටත් කන්ණාඩි පැළදගෙන සිටීමෙන් ඵලක් නැත. එබැවින් දැන් පැමිණ ඇත්තේ තමන්ට පරම්පරාවෙන් උරුම වූ පාට කන්ණාඩිය ගැලවීමට කාලයයි. සැම විටම පියවි ඇසින් සහ විවෘත මනසින් කරුණු විමසා කටයුතු කිරීම නුවණට හුරු බව අවසානයේ මතක් කිරීමට කැමත්තෙමි.

Wednesday, May 20

උත්තමාචාරය !

දසක තුනකට පමණ කාලයක් ශ්‍රී ලංකාවට පිළිලයක් වූ හා ලෝකයේ දරුණුම ත්‍රස්තවාදි සංවිධානය ලෙස සැලකූ එල් ටී ටී ඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ගේ මළ සිරුර අද උදෑසන හමුදාවන් විසින් සොයාගත් බව ශ්‍රී ලංකා යුධ හමුදාපති ජනරාල් සරත් පොන්සේකා මහතා විසින් තහවුරු කරන ලදී. ආරක්ෂක ආරංචි මාර්ගවලට අනුව දමිළ තරුනයන්ට ඔවුන්ගේ ජීවිත තමන් වෙනුවෙන් පරිත්‍යාග කල යුතු යයි නියෝගකල ත්‍රස්ත නායකයා අවසන් මොහොත වන තුරුම තම ජීවිතය බේරා ගැනීමට උත්සාහ දරා තිබේ.
මේජර් ජනරාල් කමල් ගුනරත්නගේ නායකත්වයෙන් යුතු 53 වැනි සේනාංකයේ භට පිරිස් විසින් ත්‍රස්ත නායකයාගේ මළ සිරුර නන්දිකඩාල් කළපුවේ ඉවුර ප්‍රදේශයේදී සොයා ගන්නා ලදී.
ජාත්‍යන්තර පොලිසියට ද අවශ්‍යව සිටින මෙම ත්‍රස්ත නායකයා තවදුරටත් ආරක්ෂා සහිතව ජීවත්වන බව කේ. පද්මනාදන් නොහොත් කේපි විසින් අද උදෑසනදවිදේශිය මාධ්‍යවලට පවසා තිබිනි. මෙම ප්‍රවෘත්තිය මාධ්‍යවල ප්‍රචාරය වනවාත් සමගම කොළඹ ප්‍රදේශයේ ජීවත්වන ද්‍රවිඩ සිවිල් පුරවැසියන් ද්‍රවිඩ ජනයා මත වැටී තිබූ ශාපය අවසන් බව පවසමින් වීදි බැස ආරක්ෂක හමුදාවල ජයග්‍රහණය සැමරීමට පටන් ගති.

වීර ඉතිහාසය වත්මනට එක් කළා මවු බිමේ විජයග‍්‍රහණය ජාතියට දැනුම් දෙමින් ජනපති කියයි
දරුණුම ත‍්‍රස්තයා පරාජය කළා


යුද්ධය වෙනුවට මානුෂීය මෙහෙයුම
‘සුළු ජාතීන්’ වචනය ශබ්ද කෝෂයේ නෑ
බඩ ගැන නොසිතන ජනතාවගේ ජයක්
දයා පෙරේරා, දුමින්ද ගුරුගේ සහ ජයසිරි මුණසිංහ

මෙතෙක් අපට ලෝකයාට කියන්නට තිබුණේ සූර ධීර වීර අභිමානවත් ඉතිහාසයක් ගැන පමණක් වුවද අද එවැනි වර්තමානයක් ද ශ‍්‍රී ලංකාවට ලබා දී ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහත් අභිමානවත් අයුරින් ප‍්‍රකාශ කෙළේය.
ජනපතිවරයා එසේ ප‍්‍රකාශ කෙළේ ඊයේ උදේ හය වැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සැසිවාරය විවෘත කරමිනි.
සිංහල සහ දෙමළ යන භාෂා දෙකෙන්ම ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව ඇමතුවේය. ජනාධිපතිතුමා පළකළ අදහස් කීපයක් මෙසේය.
ලෝකයේ ඉතාමත් දරුණුමත‍්‍රස්තවාදියා පරාජයට පත් කළා. දුටු ගැමුණු, වලගම්බා, විජයබාහු වැනි රජවරු සතුරු ආක‍්‍රමණ අභිබවා රටේ ස්වාධීනත්වය තහවුරු කළා.
මායාදුන්නේ, පළමුවැනි රාජසිංහ, විමලධර්මසූරිය වැනි රජවරුන් වීර කැප්පෙටිපොල, වීර පුරන්අප්පු වැනි විරුවන් සිහිපත් කළ යුතුයි.
ත‍්‍රස්තවාදීන් යුද්ධය ඉල්ලන විට අපි දුන්නේ මානුෂික මෙහෙයුමක් ජයග‍්‍රාහී හමුදාව ඉදිරියට ගියේ අසමසම ගමනක්. දෙමළ ජනතාව කිසිසේත් අවි ගැන විශ්වාසය තැබූ ජනතාවක් නොවේ. දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා සියලුම ජනතාව අපේ ත‍්‍රස්තවාදී කි‍්‍රයා නිසා අප මාතෘ භූමිය හැරගිය සියලුම ජනතාවට නැවැත රටට පැමිණෙන්නැයි ඉල්ලනවා.
සුළු ජාතීන් කියන වචනය අපේ ශබ්ද කෝෂයෙන් ඉවත් කළා. මේ රටේ ඉන්නේ ජාතීන් දෙකයි. එකක් රටට ආදරය කරන ජාතිය අනෙක උපන් බිමට ආදරයක් නැති සුළු පිරිස. මේ රටේ ජනතාව ජාතික කොඩිය වටායි අපි එකතු කළේ. මේ ජයග‍්‍රහණයේ අයිතිය බඩගැන නොසිතා රට ගැන සිතන ජනතාවටයි.
ත‍්‍රස්තවාදයට උඩගෙඩි දුන් අය දැන් අහිංසක දෙමළ ජනතාවගේ දෙපා නැමැද සමාව ලබා ගත යුතුයි.
තරුණ දරුවෝ ඇස්, ඉස්, මස්, ලේ දන්දී මේ රට බේරා ගත්තා. ඒ රට උදුරා ගන්නට හොරුන්ට, වංචනිකයින්ට, තක්කඩියන්ට, දූෂිතයන්ට, කුසීතයන්ට ඉඩ දෙන්නේ නෑ.
ආරක්ෂක ලේකම්තුමා, ප‍්‍රමුඛ ති‍්‍රවිධ හමුදාවේ හා පොලිසියේ සිවිල් ආරක්ෂක බලකායේ සෙන්පතින්ට ජාතියේ උත්තමාචාරය හිමි වෙනවා. පිටරැටියන්ට උවමනා ලෙස නොව, අපේ ප‍්‍රශ්නවලට අපේම වූ දේශීය විසඳුමක් ලබා දෙනවා.
උතුරු - නැඟෙනහිර ජනතාවගේ අහිමි වූ දේ යළි ලබාදීමේ වගකීම භාර ගන්නවා.
ලෝකයේ දරුණුතම ත‍්‍රස්තවාදී සංවිධානය ශ‍්‍රී ලංකාවේදී පරාජයට පත් කිරීම කිසිවකට දෙවැනි වන්නේ නැහැ.


රට බේරාගත්ත ජනපති මහින්ද, ආරක්ෂක ලේඛම් ගෝඨාභය ඇතුළු සියලු රනවිරුවන්ට අපගේ උත්තමාචරය !!!.


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.
© 2006 රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

රට බේරාගත් රණවිරුවන්ට ඔබගේ සුබපැතුම් එක් කරන්න මෙතන ක්ලික් කරන්න.

පරිගණකය ආශ්‍රයෙන් ගිටාරය සුසර කරගන්න පහසු ක්‍රමයක්

මීට අවුරුදු කිහිපයකට ඉහත ගිටාරයක් මිලදීගෙන වාදනය කිරීම පුහුණු කලත්, එය සුසර කරගැනීමේ ක්‍රම ගැන එතරම් අවධානයක් යොමු කලේ නැහැ. නමුත් පසුව එහි ...