අන්තර්ජාලයේ බොහෝ විට කරක් ගැහුවත් ලිපියක් ලියන්න හිතෙන්නෙ එහෙමත් වෙලාවක තමයි. ඔන්න ඉතින් එහෙම හිත හිත ඉන්නකොට සති අන්ත පත්තරේක දැකපු ලිපියක් මගෙ හිතට අල්ලල ගියා නොවැ. මේ ගැන මම ලියනවට වැඩිය තිබුණු ආකරයෙන්ම ඉදිරිපත් කලොත් හොඳයි කියල හිතුන. මෙම ලිපියේ අන්තර්ගතය ගැන සරලව කිව්වොත් දියුණුවෙමින් පවතින තාක්ෂණ ලෝකය තුල අපේ තරුණ තරුණයින් දැන් වැඩිපුර ගැවසෙන ස්ථානය තමයි අන්තර්ජාලය(internet). ඒ අතරින් සමාජ වෙබ් අඩවි(social networks) ඉතා වැදගත් කමක් ගන්නව. ඉතින් අපේ සමාජය තුල හුඟක් දෙනා මේ අන්තර්ජාලයෙන් නියම ප්‍රයෝජන නොගන්නා බව සහ අපි කොහොමද මේ සමාජ සම්බන්ධතා ප්‍රාග්ධනයක් හැටියට පත්කරගන්නෙ කියන කාරණා මේ ලිපියෙන් ඉතා අගේට සාකච්ඡාවට බඳුන්කරනව. ඉතින් වෙලාව තියෙන හැටියට පොඩ්ඩක් මේ ලිපිය කියවල බලන්න. ඒ කාලය අපතෙ නම් යන්නෙ නැහැ. 100% ඒ ගැන මට විශ්වාසයි.

මෙන්න මෙතනින් විකිපීඩියාවෙ මේ පිළිබඳ අර්ථදැක්වීම ඔයාලට වැඩිදුරටත් බලාගන්න පුළුවන්.
ඉහත පුවත්පත් ලිපියේ සියලුම අයිතිය කතෘ සතුය. උපුටාගැනීම ලංකාදීප පුවත්පත.
No comments:
Post a Comment