කොළඹ නගරයේ සුපිරි පාසල්වල සියලු පහසුකම්වලට සමාන පහසුකම් වලින් යුතුව නවීකරණය වූ මඩකලපු දිස්ත්‍රික්කයේ පිහිටි වාකරේ මහා විද්‍යාලය ජනපති අතින් ඊයේ (සැප්තැම්බර් 22) සිසු අයිතියට පත්විය. 2004 වසරේදී ඇතිවූ සුනාමි ව්‍යවසනයෙන් මෙම විද්‍යාලය විනාශයට පත්විය.
මෙම පාසල නැවත ගොඩනැඟීම සඳහා යුරෝපා සංගමය විසින් මුදල් ආධාර ලබාදී තිබේ. මේ සඳහා වැයවූ මුදල රුපියල් මිලියන තුන්සියයකි.
පළමු වසර සිට 13 වසර දක්වා සිසුන් මෙහි අධ්‍යාපනය ලබන අතර, ඔවුනට අවශ්‍ය සියළු පහසුකම් අළුතින් ඉදිකොට තිබේ.
ජනාධිපති රාජපක්ෂ මහතා දෙමළ භාෂාවෙන් කතා කරද්දී රැස්ව සිටි සියල්ලෝම ජය ඝෝෂා කිරීම සුවිශේෂ සිද්ධියක් විය.
එහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා, දරුවන්ගේ ජය මේ රටේ ජයග්‍රහණය වන බව පැවසීය.
සයනයිට් කරල දරුවන්ගේ ගෙලේ එල්ලූ කාලය අවසන් වී ඇති බවත්, මාතෘ භූමියට ද්‍රෝහිකම් නොකර එක්සත්ව පීවත් විය යුතු බවත්, එතුමා මෙහිදී අවධාරණය කළේය. මේ ලස්සන දේශය එකම ධජයක් යටතේ නැවත ගොඩනැගීමේ කාලය පැමිණ ඇති බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
වසර 30කට සිදු නොවූ සංවර්ධනයක්, නව මුහුණුවරක්, දැන් නැඟෙනහිර සිදුවෙමින් පවතින බවත්, පාසල්, මහාමාර්ග, විදුලි බලය, සෞඛ්‍ය මෙන්ම ගමනා ගමන පහසුකම් අද මෙම පළාතට ලැබෙමින් පවතින බවත් එතුමා පෙන්වා දුන්නේය.
ගුණයහපත්කම මෙන්ම මනුස්සකම සමඟ අධ්‍යාපන ලැබිය යුතු බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා අවධාරණය කළේ මේ මාතෘ භූමිය වෙනුවෙන් තම යුතුකම් ඉටු කළ යුතු බවයි.
මේ සඳහා සියලු දෙනා එක්ව බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් සැම දෙනාගේ සතුට, ආරක්ෂාව සහ නිදහස ඇති පරිසරයක් ගොඩනැගිය හැකි බව එතුමා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.
© 2006 රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි
Subscribe to:
Post Comments (Atom)
පරිගණකය ආශ්රයෙන් ගිටාරය සුසර කරගන්න පහසු ක්‍රමයක්
මීට අවුරුදු කිහිපයකට ඉහත ගිටාරයක් මිලදීගෙන වාදනය කිරීම පුහුණු කලත්, එය සුසර කරගැනීමේ ක්‍රම ගැන එතරම් අවධානයක් යොමු කලේ නැහැ. නමුත් පසුව එහි ...
-
වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේදී අපට පියවර කීපයක් අනුගමනය කරන්න සිදුවෙනවා. එහි පළමු පියවර තමයි ඒ සඳහා සුදුසු සැකැස්මක් තනාගැනීම. එනම් වෙබ් අඩව...
-
විසිවන සියවසේ මැද භාගයේ සිට මේ දක්වා පෘථිවි පෘෂ්ඨයට ඉතාම ආසන්නයේ ඇති වාතයේ සහ මුහුදේ උෂ්නත්වය ඉහළ යාමේ සාමාන්‍ය අගය අප ගෝලීය උෂ්ණත්වය ඉහළ ය...
-
අන්තර්ජාලයේ බොහෝ විට කරක් ගැහුවත් ලිපියක් ලියන්න හිතෙන්නෙ එහෙමත් වෙලාවක තමයි. ඔන්න ඉතින් එහෙම හිත හිත ඉන්නකොට සති අන්ත පත්තරේක දැකපු ලිපියක්...
No comments:
Post a Comment