2005 වසරේ සිට මේ දක්වා කාලය දෙස අප මදක් හැරී බැලුවහොත්, රට ලබා ඇති ජයග්‍රහණ රාශියක් ඇත. නව සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් සිදුකෙරෙමින් පවතියි. ලෝක ආර්ථිකය කොතෙක් දුරට කඩා වැටුනද අපේ අර්ථිකය යම් කිසි ස්ථාවර මට්ටමකට පවත්වාගැනීමට අපට හැකිවී ඇත. අපගේ කෘෂිකර්මාන්තය ඉහළ මට්ටමකට පැමිණ ඇති අතර ගොවියන්ගේ අපේක්ෂා ඉතාමත් සාර්ථකව මල් ඵල නැං වී ඇත. මෙකී නොකී සියලු දෑ සිදුවූයේ කුරිරු ත්‍රස්ත පිළිලය මෙරටින් අතුගා දමන අතරතුර බව වෙසෙසින්ම මතක් කල දිය යුතුව ඇත. ඇතැමුන් අද කොතෙක් කැ මොර දුන්නද සිව් අවුරුද්දක් තුල සිදු කල දෑ බොහෝ ඇත.
එළාර පරාජය කිරීමට දුටුගැමුණු රජුට හැකි වූයේ නිවැරදි නායකත්වයත් අභීත රණ ශූරයනුත් නිසා බව අප කවුරුත් දන්නා සත්‍යයකි. නමුත් එම සටනින් පසු දසමහ යෝධයින් ජයග්‍රහණයේ තමාගේ පංගුව ඉල්ලා රජුට එරෙහි වූයේ නැත. පැහදිලිවම ඔවුන් එහි කොටස් කරුවන් වූවද ඔවුන් එහි පංගුව ඉල්ලා නහයෙන් ඇඩුවේ නැත. තමන් පොර වන්නට සිතුවේද නැත. 'පොර' මානසිකත්වය ඉහට ගැහූ කල කන්න දීපු අතද හපා කයි. බුද්ධිමත් පුද්ගලයින් එසේ හසිරෙනේ නැත. එබැවින් අනවශ්‍ය ලෙස ඔවුන් විවේචනය කිරීමද කාලය කා දැමීමක් පමණි.
මේ රටේ ඇතැම් ජනයා විවිධ පාටින් කන්ණාඩි පැළදගෙන ප්‍රශ්න දෙස බලති. නමුත් ඔවුන්ට නොදැනීම ඔවුන්ගේ නායකයින් දැන් කන්ණාඩි කුඩු කරගෙන ඇත. තව දුරටත් කන්ණාඩි පැළදගෙන සිටීමෙන් ඵලක් නැත. එබැවින් දැන් පැමිණ ඇත්තේ තමන්ට පරම්පරාවෙන් උරුම වූ පාට කන්ණාඩිය ගැලවීමට කාලයයි. සැම විටම පියවි ඇසින් සහ විවෘත මනසින් කරුණු විමසා කටයුතු කිරීම නුවණට හුරු බව අවසානයේ මතක් කිරීමට කැමත්තෙමි.
No comments:
Post a Comment