මෙම පාසල නැවත ගොඩනැඟීම සඳහා යුරෝපා සංගමය විසින් මුදල් ආධාර ලබාදී තිබේ. මේ සඳහා වැයවූ මුදල රුපියල් මිලියන තුන්සියයකි.
පළමු වසර සිට 13 වසර දක්වා සිසුන් මෙහි අධ්‍යාපනය ලබන අතර, ඔවුනට අවශ්‍ය සියළු පහසුකම් අළුතින් ඉදිකොට තිබේ.
ජනාධිපති රාජපක්ෂ මහතා දෙමළ භාෂාවෙන් කතා කරද්දී රැස්ව සිටි සියල්ලෝම ජය ඝෝෂා කිරීම සුවිශේෂ සිද්ධියක් විය.
එහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා, දරුවන්ගේ ජය මේ රටේ ජයග්‍රහණය වන බව පැවසීය.
සයනයිට් කරල දරුවන්ගේ ගෙලේ එල්ලූ කාලය අවසන් වී ඇති බවත්, මාතෘ භූමියට ද්‍රෝහිකම් නොකර එක්සත්ව පීවත් විය යුතු බවත්, එතුමා මෙහිදී අවධාරණය කළේය. මේ ලස්සන දේශය එකම ධජයක් යටතේ නැවත ගොඩනැගීමේ කාලය පැමිණ ඇති බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
වසර 30කට සිදු නොවූ සංවර්ධනයක්, නව මුහුණුවරක්, දැන් නැඟෙනහිර සිදුවෙමින් පවතින බවත්, පාසල්, මහාමාර්ග, විදුලි බලය, සෞඛ්‍ය මෙන්ම ගමනා ගමන පහසුකම් අද මෙම පළාතට ලැබෙමින් පවතින බවත් එතුමා පෙන්වා දුන්නේය.
ගුණයහපත්කම මෙන්ම මනුස්සකම සමඟ අධ්‍යාපන ලැබිය යුතු බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා අවධාරණය කළේ මේ මාතෘ භූමිය වෙනුවෙන් තම යුතුකම් ඉටු කළ යුතු බවයි.
මේ සඳහා සියලු දෙනා එක්ව බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් සැම දෙනාගේ සතුට, ආරක්ෂාව සහ නිදහස ඇති පරිසරයක් ගොඩනැගිය හැකි බව එතුමා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.
© 2006 රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි