Tuesday, December 28

ELf (2003) | නත්තල් සීයගෙ ගෝලය... [සිංහල උපසි‍රැසි සහිතව]

අද දෙන්නෙ නත්තල වෙනුවෙන් හදපු සුපිරි චිත්රදපටියක්. මේක පවුලේ සැමට හොඳට හිනාවෙවී බලන්න පුළුවන් ලස්සන කථාවක්. අපේ පුංචි නංගිල මල්ලිලටත් නිවාඩු කාලෙදි බලන්න කියාපු චිත්ර පටියක්.

අපේ කථාවෙ කථා නායකය වෙන්නෙ "බඩී"( Will Ferrell) කියන අපූරු චරිතය. එයා අනාථ නිවාසයක තමයි පුංචි කාලෙ ඉන්නෙ. නමුත් එක නත්තලකදි නත්තල් සීය තෑගි අරං අනාථ නිවාසයට ආපු වෙලාවෙ පුංචි බඩී නත්තල් සීයගෙ මල්ලට රිංගනව සෙල්ලමට. නමුත් නත්තල් සීය ඒ බවක් දන්නෙ නැහැ. උත්තර-ධ්රැ්වයට ඇවිල්ල තමන්ගෙ ගෝලයොත් එක්ක ඉන්නකොට තමයි දැනගන්නෙ මේ පුංචි බබා මල්ල ඇතුලෙ ඉඳල කියල. එතන ඉඳල බඩී හැදෙන්නෙ වැඩෙන්නෙ එහෙ පරිසරයට අනුව. ඔහුව එහෙදි හදාගන්නෙ 'පප්ප' කියන තවත් මහළු නත්තල් සීයගෙ ගෝලයෙක්. නමුත් කොහොමෙන් කොහොමහරි බඩී ඔහු මෙහෙට අයිති නැති බව තේරුම් ගත්තට පස්සෙ, ඔහු ඔහුගෙ සැබෑ පියා වන වෝල්ටර් හොබ්ස් හොයාගෙන නිව්යෝර්ක් නගරයට එනව. නමුත් ඔහුගේ සැබෑ පියා තමාට මෙහෙම පුතෙක් ඉන්න බවක් ගැන දන්නෙ නැහැ. ඉතින් ඔහු තාත්ත හොයා ගන්න පුදුම කට්ටක් තමයි කන්නෙ. ඒ වගේම බඩී කවදාවත් මීට කලින් මිනිස්සු ජීවත් වෙච්ච පරිසරයක ඉඳල නැති හින්ද හරි හරි වැඩ තමයි ඔහුට එහෙදි සිද්ද වෙන්නෙ. බඩී තමන් ආපු කාරණේ ඉෂ්ඨකරගෙන නත්තලේ සැබෑ අරුත මිනිස්සුන්ට ඒත්තුගන්වන හැටි දැකගන්න හැමෝම මේක බාගෙන බලන්න.

මෙහි ප්රනධාන නළුව හැටියට රඟපාන්නෙ The Other Guys, Land of the Lost, Step Brothers චිත්ර පටිවල ප්රිධාන විකට චරිත රඟපාපු අපි කවුරුත් දන්න Will Ferrell. හැමෝම මේක රසවිඳීවි කියල බලාපොරොත්තු වෙනව. සැමට සුභ නත්තලක්!

බාගත කරගන්න මෙතන කොටන්න...

Sunday, December 26

රට හදන්න සමාජ ප්‍රාග්ධනය(උපුටාගැනීම ලංකාදීප පුවත්පත)


අන්තර්ජාලයේ බොහෝ විට කරක් ගැහුවත් ලිපියක් ලියන්න හිතෙන්නෙ එහෙමත් වෙලාවක තමයි. ඔන්න ඉතින් එහෙම හිත හිත ඉන්නකොට සති අන්ත පත්තරේක දැකපු ලිපියක් මගෙ හිතට අල්ලල ගියා නොවැ. මේ ගැන මම ලියනවට වැඩිය තිබුණු ආකරයෙන්ම ඉදිරිපත් කලොත් හොඳයි කියල හිතුන. මෙම ලිපියේ අන්තර්ගතය ගැන සරලව කිව්වොත් දියුණුවෙමින් පවතින තාක්ෂණ ලෝකය තුල අපේ තරුණ තරුණයින් දැන් වැඩිපුර ගැවසෙන ස්ථානය තමයි අන්තර්ජාලය(internet). ඒ අතරින් සමාජ වෙබ් අඩවි(social networks) ඉතා වැදගත් කමක් ගන්නව. ඉතින් අපේ සමාජය තුල හුඟක් දෙනා මේ අන්තර්ජාලයෙන් නියම ප්‍රයෝජන නොගන්නා බව සහ අපි කොහොමද මේ සමාජ සම්බන්ධතා ප්‍රාග්ධනයක් හැටියට පත්කරගන්නෙ කියන කාරණා මේ ලිපියෙන් ඉතා අගේට සාකච්ඡාවට බඳුන්කරනව. ඉතින් වෙලාව තියෙන හැටියට පොඩ්ඩක් මේ ලිපිය කියවල බලන්න. ඒ කාලය අපතෙ නම් යන්නෙ නැහැ. 100% ඒ ගැන මට විශ්වාසයි.


මෙන්න මෙතනින් විකිපීඩියාවෙ මේ පිළිබඳ අර්ථදැක්වීම ඔයාලට වැඩිදුරටත් බලාගන්න පුළුවන්.

ඉහත පුවත්පත් ලිපියේ සියලුම අයිතිය කතෘ සතුය. උපුටාගැනීම ලංකාදීප පුවත්පත.

Wednesday, September 22

Robin Hood (2010) | බැටළුවන් සිංහයන් වනතුරු යළි යළිත් නැගීසිටින්න! [සිංහල උපසිරැසි සහිතව]

කථාව ආරම්භ වෙන්නෙ 12 වන සියවසේ අග භාගයේදි විතර එංගලන්තෙ පළවෙනි රිචඩ් රජතුමා(ලයන් හාට්) මුස්ලිම්වරුන්ට එරෙහිව කුරුස යුද්ධය දියත් කරල තිබෙන අවස්ථාවක. රොබින් ලොන්ග්ස්ට්රරයිඩ් කියන්නෙ රිචඩ් රජතුමාගෙ හමුදාවෙ හිටිය ඉතා දක්ෂ දුනුවායෙක්. නමුත් අනපේක්ෂිත සිදුවීම් මාලාවකින් පසුව ඔහුට සිදුවනව යුධ බිමේදී මිය යන රිචඩ් රජුගෙ ඔ‍ටුන්න නැවත එංගලන්තය බලා ‍රැගෙනවිත් රජ බිසවට බාරදෙන්න. එවගේම ඔහුට සිදුවනව මිය යන පුද්ගලයෙකුගෙ අවසාන කැමත්තකුත් ඉ‍ටු කරන්න. මෙතැන ඉඳල රොබින් ලොන්ග්ස්ට්ර යිඩ්ගෙ ඉරණම තීරණය වන කථාව ආරම්භ වෙනව. ඒ අතරෙ රට තුල කුමන්ත්රනණයකුත් සිදුවෙනව. රොබින්ට අර මියයන පුද්ගලයගෙ අවසාන කැමැත්ත ඉ‍ටු කරන්න පුළුවන් වෙයිද? මැරියන් නගා රොබින් අයියට බහ දේවිද? අවසානයේ රොබින්ට පාවදෙන්නන්ගෙන් සහ ප්රං ශ හමුදාවෙන් එංගලන්තය බේරගන්න පුළුවන් වෙයිද? මේවට උත්තර හොයන්න ඉතින් බාගෙනම බලමු නේද?

චිත්රවපටියේ ප්ර්ධාන චරිත දෙකට (රොබින්හුඩ් සහ මැරියන්) පණ පොවන්නෙ අපි දන්න කියන ප්රාසිද්ධ නළු නිළි යුවලක්. ඒ තමයි ඔස්කාර් සම්මානලාභීන් වන Russell Crowe සහ Cate Blanchett. චිත්රදපටිය අධ්යික්ෂණය කරල තියෙන්නෙ Gladiator, American Gangster, Body of Lies වගේ චිත්රහපටි ධ්යnක්ෂණය කරපු රිඩ්ලි ස්කොට්. ච්ත්රaපටිය බලපුවාම නම් තේරුණෙ දෙවැනි කොටසක් එන්න ඉඩ තියෙයිදෝ කියල.

මෙන්න ටොරන්ට් ලින්ක්ස්:
1.4GB කොපිය
548MB කොපිය

වැඩි විස්තර සඳහා පිවිසෙන්න

Monday, June 28

බෞද්ධ දින දර්ශනයේ වත ගොත

බෞද්ධ දින දර්ශනය සහ ඉපැරණි දින ක්‍රම පිළිබද විස්තරාත්මක ලිපියක් බලපොරොත්තුවන්න.

Friday, January 1

2010: නව දශකයක ඇරඹුම


දශක තුනකට පසු මුළු රටම එක කොඩියක් යටතේ සමරන මෙම නව වසර ලක් වාසි අප සැමට ඉතාම නැවුම් වසරකි. එබැවින් ශ්‍රි ලංකාවේ සිව් කොන් යාකරමින් ජාති භේද දුරලා එක් මවකගෙ දරු කැලක් මෙන් එකා සැමටත් සැම එකාටත් සේ හිඳිමින් මෙම රට සියල්ලෙන්ම සපිරි පරිපූර්ණ රාජ්‍යයක් කිරීමට නව දශකය මූලාරම්භයක් කර ගනිමු.

ඔබ සැමට සුභ නව වසරක් වේවා !
இனிய தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்க ள் !
Wish You A Happy New Year !

Thursday, December 24

ඔබට සුභ නත්තලක් !




හිමිදිරිය අපහැදිලි සිත්තමක් සේය
මීදුම් පටලයක් පරිසරය ආක්‍රමණය කරමින් සිටී
පිනිබිඳු තන පලස සිප සරසයි
විහඟ ගීතය පසුබිමින් නද දෙයි
සිහිල් සුළං රොද ගීතිකාවක් සේ නිම්නාද කරයි
විටෙක සිරුරේ දැවටෙමින් ගත සිත පුබුදු කරවයි
මොහොතකට නිහඬව සවන් දෙනු මැන !
හෝ හෝ හෝ සුළඟ ලතාවකට මුමුණයි
සබඳ දෙසැම්බරය පැමිණ ඇත
ඔබට සුභ නත්තලක් !


Sunday, December 6

පාට කන්ණාඩි ගැලවීමට කාලයයි මේ !

ඊනියා කොටි ත්‍රස්තවාදය මවුබිමෙන් අතුගාදමා සය මසකුත් ඉක්මවා ගොස් ඇත. සාමයේ අරුණලු රට පුරා පැතිරෙමින්පවතින අතර උතුරේ අවතැන් වූ ජනයා දිනෙන් දින තම උපන් ගම් බිම් කරා නිදහසේ යලි පියමන් කරන්නේ තිස් අවුරුද්දක් පුරා තමන් බැට කෑ ත්‍රස්තවාදයට සාප කරමින් බව ඉතාමත් පැහදිලිය. නිදහස සිත් සේ විදිමට දැන් ඔවුන්ට මෙන්ම අපටත් අවස්තාව උදා වී ඇති අතර තමන්ගේ දුවා දරුවන්ට හොද කල දවසක් යන බවට ඇති විශ්වාසය සිත් තුලට කා වැදෙන්නට පටන්ගෙන ඇත. මේ සියලු දෑ පිටිපස සිටින ඒ අභීත රණවිරුවන්, සෙන්පතියන්, රට වැසියා එලොව හෝ මෙලොව සිට දැන් ඒ පිළිබද සන්‍තෝශ වනවා නිසැකය. දිනූ දේශය සංවර්ධනයේ හිනිපෙත්තකරා ගෙන යාම සදහා දැන් අපට කාලය උදාවී ඇති අතර ඒ සදහා සැවොම පක්ෂ, පාට භේද අතහැර අත්වැල් බැද ගත යුතුව ඇත. ත්‍රස්තවාදය තුරන් කොට ඉන් පසු දිනම අපට රටේ සංවර්ධනය දැකිය නොහැක. ඒ සදහාද යම් කිසි කාලයක් වැය කලයුතුව ඇත. දෙවන ලෝක යුද්ධය අවසන්වී ඊට පසු දිනම ජපානය සංවර්ධනය නොවීය. ජපානයටද ඒ සදහා යම් කාලයක් ගතවිය. නමුත් අපේ ඇතැම් පණ්ඩිතයින් යුද්ධය අවසන් වූවත් රට තවම සංවර්ධනය වී නැතැයි කියමින් දෙස් දෙවොල් තියති. අප ඔවුන් ගැන මහත්සේ කලබල වියයුතු නැත. මක්නිසාද යත් ඉතිහාසය තුල එවැනි පුද්ගලයන් අපට ඔනෑ තරම්හමු වී ඇති අතර ඔවුන් රට වෙනුවෙන් කල දෙයක් නොමැත.

2005 වසරේ සිට මේ දක්වා කාලය දෙස අප මදක් හැරී බැලුවහොත්, රට ලබා ඇති ජයග්‍රහණ රාශියක් ඇත. නව සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් සිදුකෙරෙමින් පවතියි. ලෝක ආර්ථිකය කොතෙක් දුරට කඩා වැ‍ටුනද අපේ අර්ථිකය යම් කිසි ස්ථාවර මට්ටමකට පවත්වාගැනීමට අපට හැකිවී ඇත. අපගේ කෘෂිකර්මාන්තය ඉහළ මට්ටමකට පැමිණ ඇති අතර ගොවියන්ගේ අපේක්ෂා ඉතාමත් සාර්ථකව මල් ඵල නැං වී ඇත. මෙකී නොකී සියලු දෑ සිදුවූයේ කුරිරු ත්‍රස්ත පිළිලය මෙරටින් අතුගා දමන අතරතුර බව වෙසෙසින්ම මතක් කල දිය යුතුව ඇත. ඇතැමුන් අද කොතෙක් කැ මොර දුන්නද සිව් අවුරුද්දක් තුල සිදු කල දෑ බොහෝ ඇත.

එළාර පරාජය කිරීමට දු‍ටුගැමුණු රජුට හැකි වූයේ නිවැරදි නායකත්වයත් අභීත රණ ශූරයනුත් නිසා බව අප කවුරුත් දන්නා සත්‍යයකි. නමුත් එම සටනින් පසු දසමහ යෝධයින් ජයග්‍රහණයේ තමාගේ පංගුව ඉල්ලා රජුට එරෙහි වූයේ නැත. පැහදිලිවම ඔවුන් එහි කොටස් කරුවන් වූවද ඔවුන් එහි පංගුව ඉල්ලා නහයෙන් ඇඩුවේ නැත. තමන් පොර වන්නට සිතුවේද නැත. 'පොර' මානසිකත්වය ඉහට ගැහූ කල කන්න දීපු අතද හපා කයි. බුද්ධිමත් පුද්ගලයින් එසේ හසිරෙනේ නැත. එබැවින් අනවශ්‍ය ලෙස ඔවුන් විවේචනය කිරීමද කාලය කා දැමීමක් පමණි.

මේ රටේ ඇතැම් ජනයා විවිධ පාටින් කන්ණාඩි පැළදගෙන ප්‍රශ්න දෙස බලති. නමුත් ඔවුන්ට නොදැනීම ඔවුන්ගේ නායකයින් දැන් කන්ණාඩි කුඩු කරගෙන ඇත. තව දුරටත් කන්ණාඩි පැළදගෙන සිටීමෙන් ඵලක් නැත. එබැවින් දැන් පැමිණ ඇත්තේ තමන්ට පරම්පරාවෙන් උරුම වූ පාට කන්ණාඩිය ගැලවීමට කාලයයි. සැම විටම පියවි ඇසින් සහ විවෘත මනසින් කරුණු විමසා කටයුතු කිරීම නුවණට හුරු බව අවසානයේ මතක් කිරීමට කැමත්තෙමි.

පරිගණකය ආශ්‍රයෙන් ගිටාරය සුසර කරගන්න පහසු ක්‍රමයක්

මීට අවුරුදු කිහිපයකට ඉහත ගිටාරයක් මිලදීගෙන වාදනය කිරීම පුහුණු කලත්, එය සුසර කරගැනීමේ ක්‍රම ගැන එතරම් අවධානයක් යොමු කලේ නැහැ. නමුත් පසුව එහි ...