Wednesday, December 29

ෆොටෝෂොප් වලින් වෙබ් අඩවියක සැකැස්මක්(web layout) නිර්මාණය කරමු

වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේදී අපට පියවර කීපයක් අනුගමනය කරන්න සිදුවෙනවා. එහි පළමු පියවර තමයි ඒ සඳහා සුදුසු සැකැස්මක් තනාගැනීම. එනම් වෙබ් අඩවිය එහි පරිශීලකයාට දිස්වන මූලික ස්වරූපය(web layout) නිර්මාණය කිරීම. මේ සඳහා අපට විවිධ ක්‍රම භාවිතා කරන්න පුළුවන්. ඒ සඳහා අපට ෆොටෝෂොප්, ඩ්‍රේම් වීවර්, ෆයර් වර්ක්ස් වැනි මෘදුකංග යොදාගන්න පුළුවන්. ඒ අතරින් බහුලව භාවිතා වන මෘදුකංගයක් තමයි ෆොටෝෂොප්. මෙහිදී අපි පළමුව වෙබ් පි‍ටුවේ සැකැස්ම ෆොටෝෂොප් ආධාරයෙන් පින්තූරයක් ආකරයට නිර්මාණය කරගෙන පසුව එය සාමාන්‍ය HTML/CSS වෙබ් පි‍ටුවකට පරිවර්ථනය කරගන්නව. අපි දැන් බලමු ෆොටෝෂොප් භාවිතාකරල කොහොමද මේ නිර්මාණ කාර්යය කරගන්නෙ කියල.
මේ සඳහාම සකස්කරපු ඉතා අගනා පාඩමක් ඔබට මෙන්න මේ ලින්ක් එක හරහා ගිහින් දැකගන්න පුළුවන්. මුල සිට පියවරෙන් පියවර තිර පින්තූර(screen shots) සහිතව මේ වැඩේ කරගන්න හැටි එම පාඩමේ අඩංගුවෙනව. මේ සැකැස්ම හදලා තියෙන්නෙ themeforest.net වෙබ් අඩවිය විසින් පලකරපු වෙබ් පි‍ටුවක සැකැස්මකට අනුකූලව. එහි විස්තර ඔබට මෙන්න මේ ලින්ක් එක හරහා ගිහින් බලාගන්න පුළුවන්.

මේ තමයි එම පාඩම අවසානයේදී ඔබට නිර්මාණය කරගතහැකි සැකැස්ම.

මෙම සැකැස්මට අදාල සියලුම පි‍ටු වල දර්ශන ඔබට මෙතනින් බලාගන්න පුළුවන්.

මෙම නිර්මාණයට අයත් ෆොටෝෂොප් ගොනුව එම පාඩමේ පළ නොකලත්, මා විසින් නිර්මාණය කල ගොනුව ඔබට මෙතනින් බාගතකරගන්න පුළුවන්. මා ඉහත සඳහන් කල ආකාරයට මෙම ගොනුව(psd) පසුව අපට සාමාන්‍ය HTML/CSS වෙබ් පි‍ටුවක පරිවර්ථනය කරගැනීමේ හැකියාව තියෙනව. ඒ සඳහා ඔබට යම් මට්ටමක HTML/CSS දැනුමක් අවශ්‍ය වෙනව. ඒ සඳහා ඔබට වඩිදුර තොරතුරු ඒ වෙනුවෙන් සැකසුනු cssslicingguide.com වැනි වෙබ් අඩවි වලින් දැනගන්න පුළුවන්. ඒ පිළිබඳ ලිපියක් වෙලාව තිබෙන ආකාරයට පළකරන්න බලාපොරොත්තු වෙනව. තවත් ලිපියකින් නැවත හමුවෙන තුරු ඔබ සැමට ආයුබෝවන්.

2 comments:

  1. බොහොම ස්තුතියි සහෝ......

    ReplyDelete
  2. @සියපත
    ප්‍රතිචාරයට ඔබටත් ස්තූතියි...

    ReplyDelete

පරිගණකය ආශ්‍රයෙන් ගිටාරය සුසර කරගන්න පහසු ක්‍රමයක්

මීට අවුරුදු කිහිපයකට ඉහත ගිටාරයක් මිලදීගෙන වාදනය කිරීම පුහුණු කලත්, එය සුසර කරගැනීමේ ක්‍රම ගැන එතරම් අවධානයක් යොමු කලේ නැහැ. නමුත් පසුව එහි ...