Wednesday, May 20

උත්තමාචාරය !

දසක තුනකට පමණ කාලයක් ශ්‍රී ලංකාවට පිළිලයක් වූ හා ලෝකයේ දරුණුම ත්‍රස්තවාදි සංවිධානය ලෙස සැලකූ එල් ටී ටී ඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ගේ මළ සිරුර අද උදෑසන හමුදාවන් විසින් සොයාගත් බව ශ්‍රී ලංකා යුධ හමුදාපති ජනරාල් සරත් පොන්සේකා මහතා විසින් තහවුරු කරන ලදී. ආරක්ෂක ආරංචි මාර්ගවලට අනුව දමිළ තරුනයන්ට ඔවුන්ගේ ජීවිත තමන් වෙනුවෙන් පරිත්‍යාග කල යුතු යයි නියෝගකල ත්‍රස්ත නායකයා අවසන් මොහොත වන තුරුම තම ජීවිතය බේරා ගැනීමට උත්සාහ දරා තිබේ.
මේජර් ජනරාල් කමල් ගුනරත්නගේ නායකත්වයෙන් යුතු 53 වැනි සේනාංකයේ භට පිරිස් විසින් ත්‍රස්ත නායකයාගේ මළ සිරුර නන්දිකඩාල් කළපුවේ ඉවුර ප්‍රදේශයේදී සොයා ගන්නා ලදී.
ජාත්‍යන්තර පොලිසියට ද අවශ්‍යව සිටින මෙම ත්‍රස්ත නායකයා තවදුරටත් ආරක්ෂා සහිතව ජීවත්වන බව කේ. පද්මනාදන් නොහොත් කේපි විසින් අද උදෑසනදවිදේශිය මාධ්‍යවලට පවසා තිබිනි. මෙම ප්‍රවෘත්තිය මාධ්‍යවල ප්‍රචාරය වනවාත් සමගම කොළඹ ප්‍රදේශයේ ජීවත්වන ද්‍රවිඩ සිවිල් පුරවැසියන් ද්‍රවිඩ ජනයා මත වැටී තිබූ ශාපය අවසන් බව පවසමින් වීදි බැස ආරක්ෂක හමුදාවල ජයග්‍රහණය සැමරීමට පටන් ගති.

වීර ඉතිහාසය වත්මනට එක් කළා මවු බිමේ විජයග‍්‍රහණය ජාතියට දැනුම් දෙමින් ජනපති කියයි
දරුණුම ත‍්‍රස්තයා පරාජය කළා


යුද්ධය වෙනුවට මානුෂීය මෙහෙයුම
‘සුළු ජාතීන්’ වචනය ශබ්ද කෝෂයේ නෑ
බඩ ගැන නොසිතන ජනතාවගේ ජයක්
දයා පෙරේරා, දුමින්ද ගුරුගේ සහ ජයසිරි මුණසිංහ

මෙතෙක් අපට ලෝකයාට කියන්නට තිබුණේ සූර ධීර වීර අභිමානවත් ඉතිහාසයක් ගැන පමණක් වුවද අද එවැනි වර්තමානයක් ද ශ‍්‍රී ලංකාවට ලබා දී ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහත් අභිමානවත් අයුරින් ප‍්‍රකාශ කෙළේය.
ජනපතිවරයා එසේ ප‍්‍රකාශ කෙළේ ඊයේ උදේ හය වැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සැසිවාරය විවෘත කරමිනි.
සිංහල සහ දෙමළ යන භාෂා දෙකෙන්ම ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව ඇමතුවේය. ජනාධිපතිතුමා පළකළ අදහස් කීපයක් මෙසේය.
ලෝකයේ ඉතාමත් දරුණුමත‍්‍රස්තවාදියා පරාජයට පත් කළා. දුටු ගැමුණු, වලගම්බා, විජයබාහු වැනි රජවරු සතුරු ආක‍්‍රමණ අභිබවා රටේ ස්වාධීනත්වය තහවුරු කළා.
මායාදුන්නේ, පළමුවැනි රාජසිංහ, විමලධර්මසූරිය වැනි රජවරුන් වීර කැප්පෙටිපොල, වීර පුරන්අප්පු වැනි විරුවන් සිහිපත් කළ යුතුයි.
ත‍්‍රස්තවාදීන් යුද්ධය ඉල්ලන විට අපි දුන්නේ මානුෂික මෙහෙයුමක් ජයග‍්‍රාහී හමුදාව ඉදිරියට ගියේ අසමසම ගමනක්. දෙමළ ජනතාව කිසිසේත් අවි ගැන විශ්වාසය තැබූ ජනතාවක් නොවේ. දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා සියලුම ජනතාව අපේ ත‍්‍රස්තවාදී කි‍්‍රයා නිසා අප මාතෘ භූමිය හැරගිය සියලුම ජනතාවට නැවැත රටට පැමිණෙන්නැයි ඉල්ලනවා.
සුළු ජාතීන් කියන වචනය අපේ ශබ්ද කෝෂයෙන් ඉවත් කළා. මේ රටේ ඉන්නේ ජාතීන් දෙකයි. එකක් රටට ආදරය කරන ජාතිය අනෙක උපන් බිමට ආදරයක් නැති සුළු පිරිස. මේ රටේ ජනතාව ජාතික කොඩිය වටායි අපි එකතු කළේ. මේ ජයග‍්‍රහණයේ අයිතිය බඩගැන නොසිතා රට ගැන සිතන ජනතාවටයි.
ත‍්‍රස්තවාදයට උඩගෙඩි දුන් අය දැන් අහිංසක දෙමළ ජනතාවගේ දෙපා නැමැද සමාව ලබා ගත යුතුයි.
තරුණ දරුවෝ ඇස්, ඉස්, මස්, ලේ දන්දී මේ රට බේරා ගත්තා. ඒ රට උදුරා ගන්නට හොරුන්ට, වංචනිකයින්ට, තක්කඩියන්ට, දූෂිතයන්ට, කුසීතයන්ට ඉඩ දෙන්නේ නෑ.
ආරක්ෂක ලේකම්තුමා, ප‍්‍රමුඛ ති‍්‍රවිධ හමුදාවේ හා පොලිසියේ සිවිල් ආරක්ෂක බලකායේ සෙන්පතින්ට ජාතියේ උත්තමාචාරය හිමි වෙනවා. පිටරැටියන්ට උවමනා ලෙස නොව, අපේ ප‍්‍රශ්නවලට අපේම වූ දේශීය විසඳුමක් ලබා දෙනවා.
උතුරු - නැඟෙනහිර ජනතාවගේ අහිමි වූ දේ යළි ලබාදීමේ වගකීම භාර ගන්නවා.
ලෝකයේ දරුණුතම ත‍්‍රස්තවාදී සංවිධානය ශ‍්‍රී ලංකාවේදී පරාජයට පත් කිරීම කිසිවකට දෙවැනි වන්නේ නැහැ.


රට බේරාගත්ත ජනපති මහින්ද, ආරක්ෂක ලේඛම් ගෝඨාභය ඇතුළු සියලු රනවිරුවන්ට අපගේ උත්තමාචරය !!!.


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.
© 2006 රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

රට බේරාගත් රණවිරුවන්ට ඔබගේ සුබපැතුම් එක් කරන්න මෙතන ක්ලික් කරන්න.

No comments:

Post a Comment

පරිගණකය ආශ්‍රයෙන් ගිටාරය සුසර කරගන්න පහසු ක්‍රමයක්

මීට අවුරුදු කිහිපයකට ඉහත ගිටාරයක් මිලදීගෙන වාදනය කිරීම පුහුණු කලත්, එය සුසර කරගැනීමේ ක්‍රම ගැන එතරම් අවධානයක් යොමු කලේ නැහැ. නමුත් පසුව එහි ...